Thursday, September 13, 2012

අහිමි සෙනෙහස 2

 

 

 

 

 අහිමි සෙනෙහස

පහුවදා කසුන් ස්කෝලෙට ආවෙ වෙනදට වඩා පරක්කු වෙලා..

පරක්කු වෙලා ඉස්කෝලෙට ආපු කසුන් වෙනදා වගේ හොස්ටල් එක පැත්තෙන් නොයා කෙලින්ම ගේට්ටුවෙන් ඇතුල් වෙනවත් එක්කම.

"කසුන් මෙහෙට එනවා"

ඒ කටහඩට ගැස්සිලා බලපු කසුන් දැක්කෙ වේ වැලත් අතේ තියන් ඉන්න විදුහල්පති තුමාව.

"ඇයි සර්...."

"ඇයි සර් තමා.බලනව දැන් වෙලාව කීයද කියල   8.25යි තමුසෙට ස්කෝලෙ පටන් ගන්නෙ මේ වෙලාවටද"

"බස් එකට එන්න බැරි උනා සර්"

"අනික් ලමයින්ට එන්න පුලුවන් තමුසෙට තමා එන්න බැරි..බලනවා අයිසේ තමුසෙලා කරන්නෙම ස්කෝලෙ කන වැඩ.තමුසෙලා පොඩි පන්ති වල ඉන්න ලමයින්ට මෙහෙමද ආදර්ශමත් වෙන්නෙ..තව පාරක් මෙහෙම උනොත් තමුසෙට හැමදාම ගෙදරට වෙල ඉන්න පුලුවන්..ඒක මතක තියා ගන්නව දැන් යනව පන්තියට"

විදුහල්පති තුමා එහෙම කිව්වෙ වේ වැලෙන් කසුන්ගෙ පිටට පාරක් ගහන ගමන්...

කසුන් පන්තියට යද්දි පැතුමුයි,බඩයි හිනා වෙවී හිටිය කසුන් දැක්ක...ඒත් කසුන් නොදැක්ක වගේ ගිහින් පොත් ටික ඩෙස් එක උඩට විසි කරල බැලුවෙ පුලනි ඉන්නවද කියල...ඒත් ඇය පේන්න නොහිටිය නිසා කසුන් උත්තරයක් බලා පොරොත්තුවෙන් බැලුවෙ පැතුම් දිහා ඒ වෙනකනුත් හිනා වෙවී හිටපු පැතුම්

"ආ මස්සිනා බලන් හිටියට වැඩක් නෑ අද නෑන අවෙ නෑ"

පුලනි පාසල් නාපු එක කසුන්ට ලොකු ගැටලුවක් උනත් ඒක නොපෙන්ව ඉන්න ඔහුට හැකි වුනා.

"නොදකින් බලහන්කෝ මේ එළදෙන මගේ පොත අරන් ගිහින් අද ඇවිත් නෑ කරන්නෙම ගොං වැඩ"

"අපෝ බන් බය වෙන්න එපා ඒකි පොත තුශාරි අතේ එවල තිබ්බ"

බඩා හිනා වෙවී එහෙම කියද්දි තුශාරිත් කසුන් දිහා හිනා වෙවී බලන් ඉන්න ගමන් පොත දික් කළා..

පොත ගත්ත කසුන් පොත පෙරලල බැලුවේ පුරුද්දට වගේ.

එදා දවස කසුන්ට කම්මැලි දවසක් වගේ දැනුනට පැතුමයි බඩයි හිටියෙ කසුන්ව බයිට් එකට අරන් හොද විනෝදෙන්.

කවදාවත් නැති පාලුවක් දැනුනත් හේතුවක් කියා ගන්න පුලුවන් කමක් කසුන්ට තිබුනෙ නෑ...තමන්ගේ යාලුවන් දෙන්නට මේ බව කිව්වොත් ඔවුන් කසුන්ව විහිලුවකට ගන්නා බව කසුන් හොදටම දැනගෙන හිටියා...

ඉස්කෝලෙන් වෙනදා වගේම කලින් යන අතර පැතුම් නැවතත් පුලනිව මාතෘකාව කර ගන්න අමතක කලේ නෑ...

"කසුන උඹට ආයෙ පුලනිව බලන්න වෙන්නෙ සදුදා තමා මහත්තයා,ඒකි අලුතෙන් ආපු නිසා කොහෙ ක්ලාස් යනවද කියල නම් හරියටම කියන්න බෑ..ඒත් සමහර විට හෙට පොලිටිකල් වලට ක්ලාස් එයි ආවොත් නම් උඹට හොදයි"

"අනේ මේ උඹල දෙන්න හොදටම මන් ගැන දන්නවනේ..සදුනි බෑ කිව්වට පස්සෙ කෙල්ලො පස්සෙන් යන එක නැවැත්තුවා කියල,එහෙම එකේ මේ නැති මගුල් ඇදල ගන්න එපා බන්"

එහෙම කිව්වට පස්සෙ පැතුමයි බඩයි මාතෘකාව මාරු කලේ ඒ ගැන කතා කිරීමෙන් සිදුවන්නේ තම මිතුරා තරහ වෙන බව දන්නා නිසයි...
                                  සෙනසුරාදා හා ඉරිදා සාමාන්‍ය පරිදි ගෙවී ගියේ කසුන් තම යාළුවන් දෙදෙනා සමග පාසලේදී මෙන් නොව ඉතාම උනන්දුවෙන් අමතර පන්තියේ කටයුතු සිදුකරන නිසාවෙනි.ඒ වගේම පැතුම් කියූ පරිදි පුලනි අමතර පන්න්ති වලට සහභාගී නොවුන එක එක්තරා විදිහකට කසුන්ට අස්වැසිල්ලක් වූයේ ඔහුට නිදහසේ පන්තියේ වැඩ කර ගන්නට හැකි වූ නිසයි.

1 comment:

  1. දෙක කොටසත් හරි! මේක සිරා අපේ ස්කෝලෙ කේස් එකක්ද? තුන කොටසට යං!

    ReplyDelete