Saturday, September 15, 2012

අහිමි සෙනෙහස 3

           
         සදුදා කසුන් වෙනදට වඩා කලින් පාසලට ගියේ සිකුරාදා වගේ එදිනත් විදුහල්පති තුමාගෙන් බැනුම් ඇසීමට තිබූ අකමත්ත නිසයි.
                                  පන්තියට ඇතුලුවන විට කසුන් තමා බලා පොරොත්තුවෙන් සිටි අයෙක් පන්තියේ ඉන්නව දුටුවා..ඒ පුලනි,කසුන් පොත් ටික මේසය උඩිත් තබා පුලනිගෙ ඩෙස් එක ගාවට කිට්ටු උනත් කතා කරන්නේ මොනවද කියල කසුන්ට අදහසක් තිබුනේ නෑ.පුලනි ගාවට ගිහින් ටික වෙලාවක් ඇය දෙස බල්න් හිටපු කසුන් කතා කරන්නට විය.
 

"ගුඩ් මෝනිං"

"ගුඩ් මෝනිං කසුන්"


"මොකෝ සිකුරාද ඉස්කෝලෙ ආවෙ නැත්තේ.මම කිව්ව නේද මගේ පොත පහුවදාට ගෙනත් දෙන්න කියලා"


"අනේ මම පොත එව්වනේ තුශාරි අතේ,එයා දුන්නෙ නැද්ද?"


"අනේ චුචාරි ගෙනත් දුන්නෙ නැද්ද තමා...මම පොත දුන්නේ ඒකිට නෙවෙයිනේ."


පහුවදා එන්නේ නැත්තන් කලින් කියන්න තිබ්බ එක එකා අතේ පොත එවන්නේ නැතුව"

"අනේ සොරි කසුන් අපෙ අම්මට සනීප නෑ.එයාට අමාරු වෙලා නුවර ගෙනිච්චා..ඊයෙ තමා එයාව ගෙදර එක්කන් ආවේ නැත්තන් මම සිකුරාදා එන්න තමා හිටියේ"


"ආ මහත්තයා මල් කඩනවා වගේ"


ඒ බඩාගේ හඩ බව තේරුන සැනින් කසුන් හැරී බැලුවා..


"නෑ බන් මම ඇහුවේ මේකිගෙන් ඇයි සිකුරාදා ආවෙ නැත්තෙ කියල බං,උඹ මේ මගුලක් කතා නොකර ඉදහන්කෝ"


"හරි හරි මම යනව කැන්ටිම පැත්තේ උඹ මල් කඩල වරෙන්කෝ..."


"ඉදපන් මාත් එනවා,යමන්"



කසුනුයි,බඩයි පිටව යන හැටි බලා හිටපු පුලනි දිගු හුස්මක් පිට කලේ කසුන් බනී යයි සිතා සිටියත් බැන්නේ නැති එක ගැන සිතට දැනුනු සහනය නිසාවෙනි.
 

"ඈ බන් බඩා පුලනිලගෙ අම්මට  මොකක්ද බන් තියන ලෙඩේ"

"ඈ බන් කසුනෝ උඹ හිතුවද මම උන්ගෙ ගෙදර ඉන්නවා කියල...ඒක අහපන් ඒකිගෙන්...මේ මේ උඹ කොහොමද දන්නේ ඒකිගෙ අම්මට සනීප නෑ කියල"

"නෑ බං ,මම ඇහුවා ඇයි සිකුරාදා අවේ නැත්තෙ කියල එතකොට ඒකිම තමා  කිව්වේ"


"මහත්තයෝ ගොනා හැරෙන්නෙ නම් හොදකට නෙවෙයි...ඒ ගැන අපි පස්සෙ කතා කරමු,අන්න අරුන් ටික ඉන්නවා යමන් එතනට"


කසුන් හා බඩා අනෙක් යාලුවන් සමග එකතු වුනේසුපුරුදු කැන්ටිම ගාවදීමයි.


                                  ප්‍රධාන ශාලාව අසලම කැන්ටිම පිහිටා තිබූ නිසා කිසිවෙකුට නොපෙනී සිටීමට හැකි ආකාරයෙන් තිබීම වසර ගනනාවක් තිස්සේ උසස් පෙළ පන්ති වල සිසුන්ගේ විනෝද වන්නට කදිම තැනක් ලෙස ප්‍රචලිතව පැවතුන අතර දැන් එම ස්ථානයේ හිමිකරුවන් වී ඇත්තේ කසුන් ඇතුලු පිරිසයි.

2 comments:

  1. හතරවෙනි කොටස දාපං! මොකක් හරි තියනවා! මේ කතාව ඇත්තනං මට පුලුවන් වෙයි මේකෙ ඉතිරි ටිකත් ලියන්න!! මොකද මේට සමාන කතාවක් මං අපේ ස්කෝලෙ ඇතුලෙ වෙච්ච සීන් එකක්! මං දන්නවා! ඒකයි!

    ReplyDelete
  2. ඒකත් කියහන්කො අපිටත් දැනගන්න....

    ReplyDelete