Wednesday, October 17, 2012

බිග් ඉෂු


බිග් ඉෂු

 දැනට ටික දවසකට උඩදි අපේ ගෙවල් කිට්ටුව සිද්ද උන අනතුරක් නිසා දන්න කියන කොල්ලෙක් නැතිවුනා ඉතින් ඒ කොල්ල නැතිවුන දවසෙම රෑ අපි සෙට් එකක් මලගේ පැත්තට ගියා.
ඒ වෙනකනුත් මිනිය ගෙනත් නොතිබ්බ හින්ද පැය දෙක තුනක් මළ ගෙදරට වෙලා ඉදලා එන්න ආවා.
     සීත කොහොල් ප්‍රමාණය වැඩි නිසා වැස්ස එහෙම ගැටළුවක් උනෙත් නෑ කට්ටියට...කොහොම කොහොම හරි පැයක් හමාරක් වැස්සෙ තෙමිල  තෙමිල රෑ 11 ට විතර එකෙකුට ගෙදර යන්න ඕන උනා..
පොරගෙ ගෙවල් තිබ්බෙ මිල්ල ගහමුල දැන් ඌට යන්නම ඕනලු ගෙදර,කොහොමත්ම නතර කර ගන්න බැරි තත්වයක තමා කට්ටිය හිටියෙ....
තියෙන්නෙ මගේ දඩුමොණරෙ විතරයි...
අම්බානෙක වහිද්දි රෑ 11ට විතර කිලෝ සීයක විතර එකෙක් පටවං යනව කියන්නෙ කොහොමද සැප ටික.
බැරිම තැන මම කිව්ව අපේ සැට් එකේ කුරුල්ලෙකුට අරූව ගිහින් දාල දඩුමොණරෙ ඌට ගෙදර ගෙනියන්න කියල ඌත් බෑ කියනව දඩුමොණරෙ අරන් යන්න.
කරන්න දෙයක් නැතිම තැන මට සිද්ද උනා තෙමි තෙමී තඩියත් දාගෙන දඩුමොණරෙ අරන් යන්න කැමති වෙන්න.

දැන් ඒක ගේන්නත් පයින් යන්න ඕන මැංගොසිටි එකේ ඉදන් අපේ ගෙදර,
කොහොමෙන් කොහොමෙන් හරි මගට එද්දි අපේ තාර සුදා(අයියන්ඩි ) ඉන්නවා දැක්ක අදුරන එකෙක්ගෙ ගෙදරක.
යකෝ මූට යකෝ මූ මේ මහ රෑ මොනාද මෙහෙ කරන්නේ?.
ඇහුව කතා කරල යන්නෙ නැද්ද දැන්ම ගෙදර කියල..
පොර කියපි
''වහිනවා ඕයි යන්න කම්මැලියි තමුසෙ එනකන් තමා හිටියෙ කාර් එක ගෙන්න ගන්න කියලා''
සෙල්ලන්ද පොල්කොල කිව්ව


බයික් එකේ යන්න ඕන නෑ කාර් එකේ ආතල් එකේ ගිහින් එන්න පුලුවන් එකේ අයිය කාරයවත් ගෙදරට ඇරලවල එහෙම මායි තිඩියයි 

(බතා) මැංගොවිලේජ් එකට ආව කාර් එකත් අරන් 
ඇවිත් කුරුල්ලයි,මොල්ලියයි ඉන්න තැන නතර කරා..උන් දෙන්නවත් ගෙවල් ගාව බස්සන් එන්න පුලුවන් නිසා..මුන් දෙන්න ඉන්න තැන වාහනේ නතර කරල උන්ට නැගහන් කිව්වා මුන් නගින්නෙ නෑ...මාත් බැස්ස මොකො කියල බලන්න...
කුරුල්ල කෝල් එකක...
මම කිව්ව නැගහන් යන ගමන් කතා කර කර යන්න පුලුවන්නේ කියල
කුරුල්ලගෙන් කිසිම පිළිතුරක් නෑ

"මොකාද බන් කතා කරන්නෙ" කියල
සීත් කොහොල් හොද පදමට තිබ්බ මොල්ලිය පැනල කියපි
"කෑ ගහන්න එපා #$%^&# ශාන්ත බොසා කතා කරන්නේ" කියල
ඉතින් දැන් අරූ අපි ඇවිත් විනාඩි 15ක් 20ක් විතර කෝල් එකේ
"හරි සර් මට කවුරුත් කිව්වෙ නෑ නේ"
"ඔව් සර්"
"නෑ සර්"
"හා සර්"
ඔය විනාඩි 15ට 20ට අහුනෙ ඔය වචන මාලාව විතරයි..
බොහෝම අමාරුවෙන් ඔක්කොම ටික වාහනේට දාගෙන ටවුමට එනකොට ඔන්න ආයම කෝල් එකක්
"ඔව් සර්" "නෑ සර්" "හා සර්"
ඔච්චරම තම මිල්ලගහමුලට යනකනුත්
මගට එනකොට කුරුල්ල කියපි

"අඩේ සුප්ප මාව කටුගස්තොටට ගිහින් දාල වරෙන් බන්,අපේ ඔෆිස් එකේ එකෙක්ගේ මළ ගෙයක් වෙලා එහෙ ආවෙ නෑ කියල බොසා මගේ ඔලුව කන්න හදනවා බන්"
"අඩේ මට දැන් නම් යන්න බෑ බන් නිදිමතයි දැන් ගියොත් කොහෙ හරි පල්ලමක ඉදියි බන් එනකොට"
"නෑ බන් උබට මට මේ උදව්ව කරන්න බැරිද....?"
"උදවු කර එක නෙමේ බන් අවුල දැන් ගිහින් එන්න එපාය මම තනියම...."
මෙච්චර වෙලා කට වහන් හිටපු අපේ මොල්ලිගොඩ දිසාවේ කට ඇරිය
"සුප්ප දැන් උඹට අපිව ගිහින් දාන්න බැරිද...?"
"දැන් නම් කොහොමත්ම බෑ බන්"
"හරි ඉතින් අපිව කටුගස්තොටටට ගිහින් දාපන්කෝ එතන ඉදන් පයින් හරි අපි යන්නම්..."
"තේරුම් ගනින්කෝ මාව මේ වෙලාවෙ යන්න බෑ බන් නුවර වෙලාව බලපන් කීයද කියල"
"අඩෝ අද ගියෙ නැත්තන් කුරුල්ලගෙ ජොබ් එකට ලොකු ඉෂූ එකක් වෙනව බන්,උඹට යාලුවෙකුට උදවු කරන්න බැරිද"
ඔය වචන මාලාව කිලෝමීටර් 6ක් යද්දි එක විසි තිස් පාරකට වඩා පොරගෙන් අහ අහ ටවුන් එකට ආව
ඇවිත් නතර කරල තේරුම් කරලම කිව්ව මට යන්න බෑ දැන් කියල.කුරුල්ල තේරුම් ගත්තට මොල්ලිගොඩ දිසාවෙ තේරුම් ගන්නෙම නෑ.ආයෙත්
"අඩෝ අද ගියෙ නැත්තන් කුරුල්ලගෙ ජොබ් එකට ලොකු ඉෂූ එකක් වෙනව බන්"
බයිලාව ගහනව.බැරිම තැන කිව්ව "ඕන නම් උඹල බයික් එක අරන් පලයන් ගිහින් කැමති වෙලාවක වරෙන්" කියල.
කුරුල්ල ඒකට කැමති උනාට මොල්ලියා බෑමයි කියන්නෙ.ඒක රිස්ක් වැඩියිලු බ්ල බ්ලා බ්ලා......
කුරුල්ලට කිව්ව ආයේ කෝල් එකක් ගනින් අහපන් හෙට පාන්දර ආවොත් මදිද කියල අහපන් කියල.
ඒ පාර පොර කෝල් එකක් අරන්
"බොස් අපි දැන් එනව යාලුවෙක්ගෙ බයික් එකක් අරන් එන පාර පොඩ්ඩක් කියනවද"
"ඔව් බොස්"
"නෑ බොස් "
"හා බොස්"
පොර ෆෝන් එක කට් කරල
"දැන් එන්න එපාලු බන් කට්ටිය යන්නලු හදන්නෙ ගෙවල් වලට"

 කිව්වම තමා මගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ....
ඇයි යකෝ අරූගේ සීත කොහොල් බලේ මං එපාය බලන්න දැන් ගියෙ නැත්තන්...

කොහොම හරි මොල්ලිගොඩ දිසාවේ ශේප් කරල ගේ ගාවින් බස්සල මම ගෙදර ආව...

Monday, October 15, 2012

ඕ මයි නෙක්......


           
 ඕ මයි නෙක්......


    ඔන්න එකමත් එක රටක මං සහ මගේ රාජකීය යාලුවෝ ජීවත් උනාලු....
             ඉතින් දවසක් ඔයින් යාලුවෝ තුන් දෙනෙක් එක යාළුවෙක්ගේ රාජකීය නිළ රථයෙන් අපේ රජ මාලිගාවට සැපත් උනාලු....
             සැපත් වෙලා ලැප් පොජ්ජත් අරන් මිත්‍රයෝ සැපත්වුන නිළ රථයෙ උඩ තියාන් මිත්‍රයන්ගේ මතක පත් වලට ෆිලුම් දදා දෙන අතරේ මගේ දුර ඉදන් කතාකරන එකට මෙව්ව එකක් ආව..ඔන්න එතින් ආපු මෙව්ව එක ඈ..... 

''හෙලෝ.....''
 
''හෙලෝ..රිචඩ් යුව රජාද කතා කරන්නේ''


''ඔව්...''


''මම මේ...........ගේ මෑණියෝ කතා කරන්නේ.''


''ඔව් ...........ගේ මෑණියෝ කියන්න.''


''......... ඔහෙ ආවද..?''


''ඔව් ඇන්ටි  මෑණියෝ අපේ ගෙදර ඉන්නවා...''


''අපේ යුව රජාට කියන්න අද එහෙම   මදුවිත තොල ගාල ආවොත් ගහල පන්නනව කියලා..දැන් හැමදාම මදුවිත තොල ගාගෙන ගෙදර එනව...ආය එයාව කොහෙවත් රෑ ගමන් එක්කන් යන්න එපා තේරුනාද?.''

''හා ...................ගේ මෑණියෝ''


''ආය ඔයා කොළඹ යනකොට ......... එක්කන් යන්න එපා...''


''හා ............... ගේ මෑණියෝ''


''කවුද යුවා....අමතන්නේ...''

''............ගේ මෑණියෝ බන්.''


අදාල අදාල යුවා...


''මෙහෙ දියන් දුර ඉදන් කතාකරන එක''

දුර ඉදන් කතාකරන එක උදුරන් 

''හෙලෝ මෑණියෝ පිස්සුද.....''


ටීක් ටීක් දුර ඉදන් කතාකරන එක විසන්ධි උනා..
ඒත් එක්කම මගේ අසරන දුර ඉදන් කතාකරන එක පා වෙලා.....අඩි විස්සක් විතර දුර ඉදන් මගේ දිහාට පියාඹාගෙන ආවා...බැරි වෙලාවත් එවලෙ දුර ඉදන් කතාකරන එක වැටුන නම් ආයේ හෙලෝ කියනව බොරු කාලෙකට.....


 ප.ලි.   අදාල යුවාගේ නම් නොදැම්මේ මේක ඒ යුවා දුටුවොත් මගෙ බෙල්ල ගලවලා අතට දෙනව මෙව්ව කර කර ඉන්න කියලා....ආරක්ශක ක්‍රියා මාර්ගයක් නිසා අදාල යුවාගේ නම පුද්ගලිකව දැනුම් දිය හැක අවශ්‍ය උදවියට පමණක්...

Saturday, September 15, 2012

අහිමි සෙනෙහස 3

           
         සදුදා කසුන් වෙනදට වඩා කලින් පාසලට ගියේ සිකුරාදා වගේ එදිනත් විදුහල්පති තුමාගෙන් බැනුම් ඇසීමට තිබූ අකමත්ත නිසයි.
                                  පන්තියට ඇතුලුවන විට කසුන් තමා බලා පොරොත්තුවෙන් සිටි අයෙක් පන්තියේ ඉන්නව දුටුවා..ඒ පුලනි,කසුන් පොත් ටික මේසය උඩිත් තබා පුලනිගෙ ඩෙස් එක ගාවට කිට්ටු උනත් කතා කරන්නේ මොනවද කියල කසුන්ට අදහසක් තිබුනේ නෑ.පුලනි ගාවට ගිහින් ටික වෙලාවක් ඇය දෙස බල්න් හිටපු කසුන් කතා කරන්නට විය.
 

"ගුඩ් මෝනිං"

"ගුඩ් මෝනිං කසුන්"


"මොකෝ සිකුරාද ඉස්කෝලෙ ආවෙ නැත්තේ.මම කිව්ව නේද මගේ පොත පහුවදාට ගෙනත් දෙන්න කියලා"


"අනේ මම පොත එව්වනේ තුශාරි අතේ,එයා දුන්නෙ නැද්ද?"


"අනේ චුචාරි ගෙනත් දුන්නෙ නැද්ද තමා...මම පොත දුන්නේ ඒකිට නෙවෙයිනේ."


පහුවදා එන්නේ නැත්තන් කලින් කියන්න තිබ්බ එක එකා අතේ පොත එවන්නේ නැතුව"

"අනේ සොරි කසුන් අපෙ අම්මට සනීප නෑ.එයාට අමාරු වෙලා නුවර ගෙනිච්චා..ඊයෙ තමා එයාව ගෙදර එක්කන් ආවේ නැත්තන් මම සිකුරාදා එන්න තමා හිටියේ"


"ආ මහත්තයා මල් කඩනවා වගේ"


ඒ බඩාගේ හඩ බව තේරුන සැනින් කසුන් හැරී බැලුවා..


"නෑ බන් මම ඇහුවේ මේකිගෙන් ඇයි සිකුරාදා ආවෙ නැත්තෙ කියල බං,උඹ මේ මගුලක් කතා නොකර ඉදහන්කෝ"


"හරි හරි මම යනව කැන්ටිම පැත්තේ උඹ මල් කඩල වරෙන්කෝ..."


"ඉදපන් මාත් එනවා,යමන්"



Thursday, September 13, 2012

අහිමි සෙනෙහස 2

 

 

 

 

 අහිමි සෙනෙහස

පහුවදා කසුන් ස්කෝලෙට ආවෙ වෙනදට වඩා පරක්කු වෙලා..

පරක්කු වෙලා ඉස්කෝලෙට ආපු කසුන් වෙනදා වගේ හොස්ටල් එක පැත්තෙන් නොයා කෙලින්ම ගේට්ටුවෙන් ඇතුල් වෙනවත් එක්කම.

"කසුන් මෙහෙට එනවා"

ඒ කටහඩට ගැස්සිලා බලපු කසුන් දැක්කෙ වේ වැලත් අතේ තියන් ඉන්න විදුහල්පති තුමාව.

"ඇයි සර්...."

"ඇයි සර් තමා.බලනව දැන් වෙලාව කීයද කියල   8.25යි තමුසෙට ස්කෝලෙ පටන් ගන්නෙ මේ වෙලාවටද"

"බස් එකට එන්න බැරි උනා සර්"

"අනික් ලමයින්ට එන්න පුලුවන් තමුසෙට තමා එන්න බැරි..බලනවා අයිසේ තමුසෙලා කරන්නෙම ස්කෝලෙ කන වැඩ.තමුසෙලා පොඩි පන්ති වල ඉන්න ලමයින්ට මෙහෙමද ආදර්ශමත් වෙන්නෙ..තව පාරක් මෙහෙම උනොත් තමුසෙට හැමදාම ගෙදරට වෙල ඉන්න පුලුවන්..ඒක මතක තියා ගන්නව දැන් යනව පන්තියට"

විදුහල්පති තුමා එහෙම කිව්වෙ වේ වැලෙන් කසුන්ගෙ පිටට පාරක් ගහන ගමන්...

කසුන් පන්තියට යද්දි පැතුමුයි,බඩයි හිනා වෙවී හිටිය කසුන් දැක්ක...ඒත් කසුන් නොදැක්ක වගේ ගිහින් පොත් ටික ඩෙස් එක උඩට විසි කරල බැලුවෙ පුලනි ඉන්නවද කියල...ඒත් ඇය පේන්න නොහිටිය නිසා කසුන් උත්තරයක් බලා පොරොත්තුවෙන් බැලුවෙ පැතුම් දිහා ඒ වෙනකනුත් හිනා වෙවී හිටපු පැතුම්

"ආ මස්සිනා බලන් හිටියට වැඩක් නෑ අද නෑන අවෙ නෑ"

පුලනි පාසල් නාපු එක කසුන්ට ලොකු ගැටලුවක් උනත් ඒක නොපෙන්ව ඉන්න ඔහුට හැකි වුනා.

"නොදකින් බලහන්කෝ මේ එළදෙන මගේ පොත අරන් ගිහින් අද ඇවිත් නෑ කරන්නෙම ගොං වැඩ"

"අපෝ බන් බය වෙන්න එපා ඒකි පොත තුශාරි අතේ එවල තිබ්බ"

බඩා හිනා වෙවී එහෙම කියද්දි තුශාරිත් කසුන් දිහා හිනා වෙවී බලන් ඉන්න ගමන් පොත දික් කළා..

පොත ගත්ත කසුන් පොත පෙරලල බැලුවේ පුරුද්දට වගේ.

එදා දවස කසුන්ට කම්මැලි දවසක් වගේ දැනුනට පැතුමයි බඩයි හිටියෙ කසුන්ව බයිට් එකට අරන් හොද විනෝදෙන්.

කවදාවත් නැති පාලුවක් දැනුනත් හේතුවක් කියා ගන්න පුලුවන් කමක් කසුන්ට තිබුනෙ නෑ...තමන්ගේ යාලුවන් දෙන්නට මේ බව කිව්වොත් ඔවුන් කසුන්ව විහිලුවකට ගන්නා බව කසුන් හොදටම දැනගෙන හිටියා...

ඉස්කෝලෙන් වෙනදා වගේම කලින් යන අතර පැතුම් නැවතත් පුලනිව මාතෘකාව කර ගන්න අමතක කලේ නෑ...

"කසුන උඹට ආයෙ පුලනිව බලන්න වෙන්නෙ සදුදා තමා මහත්තයා,ඒකි අලුතෙන් ආපු නිසා කොහෙ ක්ලාස් යනවද කියල නම් හරියටම කියන්න බෑ..ඒත් සමහර විට හෙට පොලිටිකල් වලට ක්ලාස් එයි ආවොත් නම් උඹට හොදයි"

"අනේ මේ උඹල දෙන්න හොදටම මන් ගැන දන්නවනේ..සදුනි බෑ කිව්වට පස්සෙ කෙල්ලො පස්සෙන් යන එක නැවැත්තුවා කියල,එහෙම එකේ මේ නැති මගුල් ඇදල ගන්න එපා බන්"

එහෙම කිව්වට පස්සෙ පැතුමයි බඩයි මාතෘකාව මාරු කලේ ඒ ගැන කතා කිරීමෙන් සිදුවන්නේ තම මිතුරා තරහ වෙන බව දන්නා නිසයි...
                                 

Wednesday, September 12, 2012

අහිමි සෙනෙහස

 

 

 අද වෙනදට වඩා හරි අමුතු දවසක්.

 එහෙමයි වෙනදට වඩා කලින් ඇහැරුනු කසුන්ට දැනුනේ අම්ම වෙනද කාමරේටම ගේන තේක අද ගෙනෙයිද කියල තාම හිතාගන්න පුලුවන් කමක් කසුන්ට තිබුනේ නෑ...

 ඊයෙ රෑ උන දේ ගැන කාමරෙන් එළියට ගිහින් අම්මට මූන දෙන්න පුලුවං කමක් කසුන්ට තිබ්බෙ නෑ ඊයෙ රෑ කොහොමද ගෙදරට ආවෙ කියලවත් කසුන්ට හරි හමන් මතකයක් නෑ.

කවදාකවත්ම අරක්කු කටේ තියපු නැති කසුන් තමන්ගේ ආදරෙත් එක්කම තමන්ගේ ජීවිතෙත් නැති කර ගන්න තැනට වැඩ සිද්ද කරගන්නේ තමන් ප්‍රාර්ථනා කරපු ඒ උතුම් ආදරේ තමන්ව මේ විදිහට මුලා කරපු නිසා.....