Monday, October 15, 2012

ඕ මයි නෙක්......


           
 ඕ මයි නෙක්......


    ඔන්න එකමත් එක රටක මං සහ මගේ රාජකීය යාලුවෝ ජීවත් උනාලු....
             ඉතින් දවසක් ඔයින් යාලුවෝ තුන් දෙනෙක් එක යාළුවෙක්ගේ රාජකීය නිළ රථයෙන් අපේ රජ මාලිගාවට සැපත් උනාලු....
             සැපත් වෙලා ලැප් පොජ්ජත් අරන් මිත්‍රයෝ සැපත්වුන නිළ රථයෙ උඩ තියාන් මිත්‍රයන්ගේ මතක පත් වලට ෆිලුම් දදා දෙන අතරේ මගේ දුර ඉදන් කතාකරන එකට මෙව්ව එකක් ආව..ඔන්න එතින් ආපු මෙව්ව එක ඈ..... 

''හෙලෝ.....''
 
''හෙලෝ..රිචඩ් යුව රජාද කතා කරන්නේ''


''ඔව්...''


''මම මේ...........ගේ මෑණියෝ කතා කරන්නේ.''


''ඔව් ...........ගේ මෑණියෝ කියන්න.''


''......... ඔහෙ ආවද..?''


''ඔව් ඇන්ටි  මෑණියෝ අපේ ගෙදර ඉන්නවා...''


''අපේ යුව රජාට කියන්න අද එහෙම   මදුවිත තොල ගාල ආවොත් ගහල පන්නනව කියලා..දැන් හැමදාම මදුවිත තොල ගාගෙන ගෙදර එනව...ආය එයාව කොහෙවත් රෑ ගමන් එක්කන් යන්න එපා තේරුනාද?.''

''හා ...................ගේ මෑණියෝ''


''ආය ඔයා කොළඹ යනකොට ......... එක්කන් යන්න එපා...''


''හා ............... ගේ මෑණියෝ''


''කවුද යුවා....අමතන්නේ...''

''............ගේ මෑණියෝ බන්.''


අදාල අදාල යුවා...


''මෙහෙ දියන් දුර ඉදන් කතාකරන එක''

දුර ඉදන් කතාකරන එක උදුරන් 

''හෙලෝ මෑණියෝ පිස්සුද.....''


ටීක් ටීක් දුර ඉදන් කතාකරන එක විසන්ධි උනා..
ඒත් එක්කම මගේ අසරන දුර ඉදන් කතාකරන එක පා වෙලා.....අඩි විස්සක් විතර දුර ඉදන් මගේ දිහාට පියාඹාගෙන ආවා...බැරි වෙලාවත් එවලෙ දුර ඉදන් කතාකරන එක වැටුන නම් ආයේ හෙලෝ කියනව බොරු කාලෙකට.....


 ප.ලි.   අදාල යුවාගේ නම් නොදැම්මේ මේක ඒ යුවා දුටුවොත් මගෙ බෙල්ල ගලවලා අතට දෙනව මෙව්ව කර කර ඉන්න කියලා....ආරක්ශක ක්‍රියා මාර්ගයක් නිසා අදාල යුවාගේ නම පුද්ගලිකව දැනුම් දිය හැක අවශ්‍ය උදවියට පමණක්...

2 comments:

  1. උඹලා කස්ටිය කරන වැඩ ගැන අපි නොදන්නවයෑ බං! ඒත් අවුල මේකයි! ඇයි උඹ ගෙදෙට්ට ආපු උං ඇතුලට ගත්තෙ නැත්තෙ?

    ReplyDelete
  2. ගේ අස්සෙ රිංගන් ඉන්නවට වඩා හොද හුලං ටිකක් වදින එක ඇගට වගේම හිතටත් සුවයිනෙ...

    ReplyDelete